බලහත්කාරයෙන් අතුරුදන් කළ පිරිස 16,700ක්’- මහේෂ් කටුලන්ද
මෙරට බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් සංඛ්‍යාව 16,700ක් බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පවසයි. ඒ අතරින් 6,700ක් සම්බන්ධ මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇති බව එම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද පවසයි. ඔවුන් සියල්ලට යුක්තිය ඉටුකරන බවත් පසුගිය වසර පහ තුළ කිසිදු පුද්ගලයෙක් බලහත්කාරයෙන් අතුරුදන් කර නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
අතුරුදන්වූවන් පිළිබඳ ඉතිරි 10,000 සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති අතර රජය විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර ඊට අනුමැතිය දී ඇති බව ද ඔහු පවසයි.
විශේෂයෙන් ම, එම 6,700න් 5,000කට අධික පිරිසකට පුනර්ජීවන දීමනාවක් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අදාළ නිර්ණායකයන් අනුව ගෙවා ඇති බවත් අවසානයේ ඔවුන්ට ඇති වූ ඉරණම කුමක්දැයි තෝරා ගන්නා තුරු අතුරුදන් සහතිකයක් ඔවුන්ට හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.