ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් ලබා දෙමින් සිම්බාබ්වේ පිලට පහසු ජයක්
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට විරුද්ධව දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (6) දින අවාසනාවන්ත විය.
ඒ තරග 03කින් සමන්විත තරගාවලියේ තරග 1-1ක් ලෙස සමකිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවීමත් සමඟයි.
තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණයි.
මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේදී මෙරට රැස්කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා අතරට එක් වුණා.
එසේම ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 81ක ඉලක්කය තරගයේ 14.2 වන පන්දුවාරයේදී කඩුලු 05ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් විය.