හෙට මේ වෙලාවට විශේෂයක්, බලන්න කොළඹ කඳවුරකුත්
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට හෙට(7) දින පොහෝ දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙහිදී සිදු වන්නේ සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් සඳු ගමන් කිරීම නිසා පැයකුත් විනාඩි 22ක කාලයක් සඳ අඳුරුවීමයි.
එසේම මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය හෙට රාත්‍රී 8.58 සිට පසුවදා අලුයම 2.25 දක්වා පවතින බව වාර්තා වේ.
මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී හෙට දින රාත්‍රි 7.00 සිට පූර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ කඳවුරක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව වාර්තා වේ.