ආණ්ඩුව අපිට මඩ ගහනවට අනිවාර්යෙන්ම නීතියේ ක්‍රියා මාර්ග ගන්නවා ඉවසුවා ඇති - ඇමති නාමල්

Report

ආණ්ඩුව විසින් දිගින් දිගටම විවිධ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ අපරාධකරුවන් සමග දේශපාලන සම්බන්ධතා පැවැත්වුවා යැයි විපක්ෂයේ බොහෝ දෙනෙක්ට අනතුරු ඇඟවීම් සිදුකර තිබෙයි.

ඒ අනුව විවිධ කාරණා යටතේ නාම රාජපක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විවිධ මඩ ගැසීම් සිදු කළා යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටී. ඒ අනුව එයට විරුද්ධව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට ඔහු අවධානය යොමු කොට ඇති බව සඳහන් කරයි.

ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කර දුන් මුස්ලිම් ප්‍රජාව

ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කර දුන් මුස්ලිම් ප්‍රජාව

අද පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම් ගැන ඉවසාගෙන සිටියත් මින් මතු එවැනි ඉවසීමක් සිදුනොකරන බවයි. රත්තරන් අශ්වයින්ගේ කතා ,ඩුබායි මැරියට් හෝටලයේ කතා ,උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේද කියාත් ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියාත් නාමල් රාජපක්ෂ විමසා සිටිනවා.

එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරනවා. රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් පරීක්ෂා නොකර පිටතට යැවූ කන්ටේනර්වලට සම්බන්ධ ද කියා සාධාරණ සැකයක් මතුවන බවත් ඒ ගැන ආණ්ඩුවෙන් තමා විමසන බවත් නාමල් රාජපක්ෂ සදහන් කරනවා. අයිස් නිෂ්පාදනය සදහා නුවරඑළියේ ඉඩම ලබා දී තිබෙන්නේ කෙසේද?

15 දෙනෙකුට මරු කැඳවපු ඇල්ල බස් රථයේ රියදුරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරාද නැද්ද? රුධිර පරීක්ෂණ

15 දෙනෙකුට මරු කැඳවපු ඇල්ල බස් රථයේ රියදුරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරාද නැද්ද? රුධිර පරීක්ෂණ

යන කරුණු පිළිබඳව හෙළි කරන ලෙසද නාමලා රාජපක්ෂ ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී රටේ පවතින ප්‍රචණ්ඩකත්වය සහ රටේ සිදුවන පාතාල වෙඩි තබාගැනීම් නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් ආණ්ඩුව කරන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසීම බවත් එවැනි තත්ත්වයන් වහාම වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ පවසනවා. කන්ටේනර් 323 නිදහස් කිරීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙසට ආණ්ඩුවට තමා අභියෝග කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මාලිමා ආණ්ඩුව ගම්මන්පිලව ඇප නැතිව අත්අඩංගුවට ගන්න හදනවා කියලා රනිල්ට මුට්ටි අල්ලන සභිකයෝ

මාලිමා ආණ්ඩුව ගම්මන්පිලව ඇප නැතිව අත්අඩංගුවට ගන්න හදනවා කියලා රනිල්ට මුට්ටි අල්ලන සභිකයෝ