ඉන්ධන මිල 190ට දිය හැකි බවට ප්‍රකාශයක්..

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම හේතුවෙන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ තරම් බදු අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කර සිටිනවා.

එලෙස බදු අඩු කිරීමට හැකි නම් පෙට්‍රල් සහ ඩීසල් මීටත් වඩා අඩු මුදලකට ලබා දිය හැකි බවයි කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය ගැන නව ජනපති අනුර සම්බන්ධයෙන් හෙළිදරව්වක්..

පාස්කු ප්‍රහාරය ගැන නව ජනපති අනුර සම්බන්ධයෙන් හෙළිදරව්වක්..


කාංචන විඡේසේකර මහතා මෙම අදහස් පල කළේ ප්‍රධාන ගුවන් විදුලි නාලිකාවක පැවති දේශපාලන වැඩ සටහනකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ බදු අඩු කරමින් ඉන්ධන මිල ගණන් 190 වැනි මිල ගණනකට ලබා දිය හැකි බවයි.

මේ අනුව, ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය අනුව එළඹෙන නොවැම්බර් මාසයේදීද ඉන්ධන මිල අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.


ඉන්ධන මිල සූත්‍රයට අනුව කටයුතු කරන්නේ නම් තවදුරටත් ඉන්ධන සඳහා සහන දිය හැකි බවයි, ඔහු සඳහන් කළේ.

මේ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් ලැබිය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.