පාස්කු ප්‍රහාරය ගැන නව ජනපති අනුර සම්බන්ධයෙන් හෙළිදරව්වක්..

Report

මෙරටට එලවූ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාවන් පිටවූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාර්ය මණ්ඩලය අතින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටිනවා.

හෙතෙම මෙම අදහස් පළ කළේ, කොළඹදී පැවති මාධ්‍ය  හමුවක් අමතමින්.

මට වාර්තා ලැබුණු විධිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ.

හිටපු ජනපති රනිල් ගෙන් අද විශේෂ ප්‍රකාශයක්..එකවරම රනිල් ඇයි මෙහෙම කරන්න යන්නෙ.

හිටපු ජනපති රනිල් ගෙන් අද විශේෂ ප්‍රකාශයක්..එකවරම රනිල් ඇයි මෙහෙම කරන්න යන්නෙ.


ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදසිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමනයි.

අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්.

ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන මීයා කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි. ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට වුණා.

ධන යෝගයක් තියෙන අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතැනින් දැනගන්න..වාසි රැසයි..හේතු ගොඩයි.

ධන යෝගයක් තියෙන අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතැනින් දැනගන්න..වාසි රැසයි..හේතු ගොඩයි.


ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද?

ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි’