රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.
ඉදිරි මැතිවරණයට අදාළව විවිධ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ජෝතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින්නැයි සියලුම ජ්‍යෙතිර්වේදීන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණ අනාවැකි පැවසීම මැතිවරණ නීතිය අනුව බරපතල වරදක් බවයි කොමිසම කියා සිටියේ.
මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කරන බවයි.