අවුරුදු 20ක් ඇස් පියාගෙන හිටපු පුතාගේ අත ඇතෑරියේ නැති තාත්තව අඬවලා නිදි කුමාරයා සදහටම නිදා ගෙන[PHOTOS]

Report

සෞදි අරාබියේ ‘නිදි කුමාරයා’ වශයෙන් හැඳින්වූ අල්-වලීඩ් බින් කාලිඩ් බින් තලාල් කුමරු මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මියයන විට ඔහු වයස අවුරුදු 36 පසු වූ බව සඳහන්. පසුගිය වසර 20ක කාලය ඔහු කෝමා තත්ත්වයේ පසු විය.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

ඔහුගේ පියා වන කාලිඩ් බින් තලාල් බින් අබ්දුලාසීස් කුමරු තම පුත්‍රයාගේ මරණය පිළිබඳ ආරංචිය තහවුරු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු තැබූ සටහනක සඳහන් වූයේ,

“අල්ලාහ්ගේ ආඥාවන්ට සහ ඉරණමට පූර්ණ විශ්වාසය තබමින්, ගැඹුරු ශෝකයෙන් යුතුව, අපගේ ආදරණීය පුත්‍රයා වන අල්-වලීඩ් බින් කාලිඩ් බින් තලාල් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරු අද අල්ලාහ්ගේ කරුණාවෙන් අභාවප්‍රාප්ත වූ බව දන්වමු. අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා,” යනුවෙන්.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඉකුත් 2005 වසරේදී වයස අවුරුදු 15 දී, ලන්ඩනයේ හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදී අල්-වලීඩ් බින් කාලිඩ් බින් තලාල් කුමරු දරුණු රිය අනතුරකට ලක් වූ අතර එහිදී ඔහුගේ මොළයට බරපතළ හානි සිදුව තිබුණා.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ විශේෂිත ඇමරිකානු සහ ස්පාඤ්ඤ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර කළද ඔහුට කිසිදා සම්පූර්ණ සිහිය ලැබුණේ නැත.

ඔහු වසර 20 කට වැඩි කාලයක් බොහෝ දුරට ප්‍රතිචාර නොදක්වන කෝමා තත්වයක සිට ඇත.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

එවන් තත්ත්වයකදීත් ඔහුගේ පියා වන කලීඩ් කුමරු, දිව්‍ය සුවය පිළිබඳ ඔහුගේ විශ්වාසය ස්ථිරව තබා ගනිමින් ජීවිත ආධාරක ඉවත් කර ගැනීම සඳහා වන යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබුණේ සියලු දෙනාටම පීතෘ සෙනෙහසේ ගැඹුර පෙන්වමින්.

එහෙත් සෞදි අගනුවර වන රියාද්හි කිං අබ්දුලාසීස් වෛද්‍ය නගරයේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව වර්තා වන්නේ ඒ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

කතාව නම් රටේම නායකයා වෙන්න.. ඒ වුනාට විපක්ෂ නායකකම රැකගන්නවත් පණ නෑ

කතාව නම් රටේම නායකයා වෙන්න.. ඒ වුනාට විපක්ෂ නායකකම රැකගන්නවත් පණ නෑ

ඉවසීම, ඇදහිල්ල සහ පීතෘ ප්‍රේමයේ සංකේතයක් වන දහස් ගණනක් ශෝක වීමත් සමඟ “Sleeping Prince” (#SleepingPrince) යන හැෂ් ටැගය මේ වන විට සමාජ මාධ්‍ය පුරාම සංසරණය වෙන්නේ ඒ පියාගේ ආදරය ලොවටම කියාපාමින්.

ඒ සමඟම වසරින් වසර තම පුතාගේ ඇඳ අසල සිටින කැපවූ පියෙක්ගේ රූපයද බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් එක් කරන බව සඳහන්.

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

GalleryGalleryGalleryGalleryGallery