ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

Report

කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා හා වෛද්‍ය විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකඛාධිකාරි වෛද්‍ය බුද්ධික ලොකුගම්හේවා මහතා විසින් අවුරුදු හතරට අඩු ළමයින් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පවසයි.

ඒ අනුව අවම ලෙස දරුවන්ට නිවසේ සිටිය දී “හූ” කීමටවත් අවස්ථාවක් සලසාදෙන ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

එසේම වර්තමානය වන විට ශාරීරික ක්‍රියාකාරකම් නොකිරීම නිසා කුඩා දරුවන්ට වැඩි වශයෙන් රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම විවිධ ශාරීරික රෝගාබාධවලින් පෙළීමට සිදුවන බවද ඔහු කියා තිබෙනවා.

එනිසා මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට සාමාන්‍යයෙන් දිනපතා මිනිත්තු 180ක් පමණ කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව ලබා දෙන ලෙස පවසයි.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

එමෙන්ම වෛද්‍යවරයා ප්‍රකාශ කළේ කිසිදු විටෙක දරුවාගේ නින්දට බාධා නොකළ යුතු බව මෙන්ම අවම ලෙස කුඩා දරුවන්ට දෛනිකව පැය 13 ක කාලයක් වරින්වර හෝ නින්ද යෑමට අවස්ථාව සලසා දිය යුතු බවයි.

එමෙන්ම ඔහු විශේෂයෙන් අවධාරණය කළේ වර්තමානයේ ළමුන් ඩිජිටල් තිරවලට ඇබ්බැහිවීම නිසා කුඩා දරුවන්ට නිසි නින්දක් නොමැතිවීම හේතුවෙන් නොසන්සුන්කාරි හැසිරීමක් දක්නට ලැබෙන බවයි.

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

මේ අතර දිනපතා විනාඩි හැටක් පමණ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට දෙමාපියන් වගබලා ගත යුතු බව ඔහු පවසයි.

එසේම වෛද්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ මෙවැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට කුඩා කල සිටම පුරුදු කළහොත් වැඩිහිටි වියේදි ඇතිවන පෙණහලු ආශ්‍රිත රෝග සහ හෘද රෝග වළක්වා ගැනීමට හැකියාව ඇති බවයි.

බිහිසුණු වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට, හතරක් ජීවිතක්ෂයට

බිහිසුණු වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට, හතරක් ජීවිතක්ෂයට