එංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක් හිමි වෙයි

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 219ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක්, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26 බැගින් රැස්කර ගැනීමට සමත් විය.

අදත් ආරම්භය සුබයි - වාසිය ශ්‍රී ලංකාවට

අදත් ආරම්භය සුබයි - වාසිය ශ්‍රී ලංකාවට

චරිත් අසලංක ලකුණු 45කට දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 29ක් රැස් කළා. මේ අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේමි ඕවර්ටන් සහ ආදිල් රෂීඩ් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් තරගය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 220ක් වේ.  

T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය එළියට විසි කරපු ICC තීරණය

T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය එළියට විසි කරපු ICC තීරණය

එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද

එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද