එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද

Report

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (24) පැවැත්වීම සදහා සියළු කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජයග්‍රහණය කරන ලදි.

ඒ අනුව එංගලන්තයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වේ .

 ජාතික කණ්ඩායම සමඟ කෙටි කාලීන සේවා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද සදහන් න් වේ.

පළමු තරගෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පළමු තරගෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සඳහා සූදානම් වීමේ පියවරක් ලෙසින් 2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා මසක කොන්ත්‍රාත්තුවක් මත ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස පත් කරනු ලැබ ඇත.

තවද ඔහුගේ වත්මන් සේවා කාලය හෙට (25) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

නමුත් එය දීර්ඝ කිරීමක් පිළිබඳ තවමත් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර නොමැති බව සදහන් වේ.

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි