අදත් ආරම්භය සුබයි - වාසිය ශ්‍රී ලංකාවට

Report

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24) දින පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වනවිට තරග 3කින් යුත් තරගාවලියේ තරග 1-0ක් වශයෙන් පෙරමුණ ගෙන ඇත.

එමෙන්ම අද තරගයද ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවහොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද

එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද

ඊට අමතරව එමඟින් වසර 12කට පසු එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයි.

ශ්‍රී ලංකාවට අවසන්වරට එක්දින තරගාවලියකදී එංගලන්තය පරාජය කිරීමට හැකිවූයේ 2014 වසරේ දීයි.

එතැන් සිට මේ දක්වා පැවති එක්දින තරගාවලි ත්‍රිත්වයක් ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජය වී ඇත.

පළමු තරගෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පළමු තරගෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට