නාමල්ට ඊමේල් පණිවිඩයක් හුවමාරු වෙලාද.. සමහර ඇත්ත තිත්තයි.. නීතිඥ මනෝජ් ගමගේ සියල්ල හෙළිකරපු හැටි

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම ගුවන් සමාගම අතර කිසිදු ඊමේල් පණිවිඩ හුවමාරුවක් සිදුව නොමැති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණයට ඉදිරිපත් කර ඇති කිසිදු ඊමේල් පණිවිඩයක නාමල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවන බවයි.

පසුගිය දිනවල අවධානයට ලක්වූ ඊමේල් පණිවිඩ අදාළ සමාගමේ අභ්‍යන්තර නිලධාරීන් කිහිපදෙනෙකු අතර පමණක් හුවමාරු වූ ඒවා බවත්, එම පණිවිඩවල නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් හෝ අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, ෂමීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකට මුදල් බැරවූ බවට පළවන වාර්තාද අසත්‍ය බව ඔහු සඳහන් කළේය.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම නඩුවට අදාළව මේ වන විට ඉදිරිපත් කර ඇති ප්‍රධාන සාක්ෂිය ලෙස නිමල් පෙරේරා නමැති පුද්ගලයා රජයට ලබාදුන් ප්‍රකාශය පමණක් පවතින බවයි.

සාක්ෂි ආඥාපනත යටතේ අපරාධයක අපසහායකයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ නොහැකි බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් මර්දනය කිරීමේ අරමුණින් පොදු දේපළ පනත අවභාවිත කරමින් ඔහු සිරගත කිරීමට රජය උත්සාහ කරන බවටද නීතිඥවරයා චෝදනා කළේය.

කෙසේ වෙතත්, මෙහි සඳහන් චෝදනා සහ කරුණු නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ ප්‍රකාශයන් වන අතර, ඒවා අධිකරණයේ තීන්දුවක් ලෙස නොසැලකිය යුතුය.   

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක - ඩීසල් අර්බුදය උග්‍ර අතට

පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක - ඩීසල් අර්බුදය උග්‍ර අතට