එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව සඳහන් වේ.

එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනයේදී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පියවර ගැනීමට නිමල් පෙරේරා මහතා ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, එයාර්බස් සමාගමෙන් ලැබුණු බව කියන මුදලින් ඇමෙරිකානු ඩොලර් 800,000ක් නිමල් පෙරේරා මහතා සභාපතිත්වය දැරූ සමාගමකට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකට මාරු වී ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට පෙරේරා මහතාගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බවද අධිකරණයට දැනුම් දී තිබේ.

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට සම්බන්ධ සමාගමක සිංගප්පූරු ගිණුමකට එයාර්බස් සමාගමෙන් මුදල් ලැබී ඇති බවත්, ඉන් කොටසක් නිමල් පෙරේරා මහතා සභාපතිත්වය දැරූ සමාගමකට අයත් ගිණුමකට මාරු වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල සඳහන් වේ.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. එමෙන්ම, නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට එල්ල වන චෝදනාව සනාථ කරන භෞතික හෝ විද්‍යාත්මක සාක්ෂි නොමැති බවද විත්තිය අධිකරණයේදී පෙන්වා දී ඇත.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේ නඩුව- රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ අද යළි අධිකරණයට

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේ නඩුව- රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ අද යළි අධිකරණයට

විමර්ශනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලින් ජාත්‍යන්තර සහාය ලබාගෙන ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා මහතාගෙන් ශ්‍රී ලංකා විමර්ශන නිලධාරීන් එරටදී ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට