ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්
දරුවන් ජාතියේ නිධානයක් බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රධාන වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩී වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු සමාජගත වන තරුණ තරුණියන්ට මෙන්ම අනාරක්ෂිත හා අධි අවදානම් තත්ත්වයන්හි සිටින බවට හඳුනාගත් දරුවන්ට ආරක්ෂිත නිවාස ඉදිකිරතිවරයා සඳහන් කළේ, දරුවන් කුමන පරිසරයක හැදී වැඩුණද ඔවුන් රටේ දරුවන් බැවින් ඔවුන්ගෙන සඳහා රුපියල් මිලියන දෙකක මූල්‍ය ආධාරයක් ලබාදීමට කටයුතු කර තිබේ.
එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත අදාළ මූල්‍ය ආධාර පිරිනැමීමද මෙහිදී සිදු විය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, දරුවන් කුමන පරිසරයක හැදී වැඩුණද ඔවුන් රටේ දරුවන් බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපත් අනාගතය වෙනුවෙන් රජයට, සමාජයට මෙන්ම දෙමාපියන්ටද වගකීමක් පවතින බවයි.
කිසිදු දරුවෙකු අනාරක්ෂිතව හෝ සෙනෙහසකින් තොරව හැදී වැඩිය යුතු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සෑම දරුවෙකුටම ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම රජය භාරගෙන ඇති බවද පැවසීය.
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට මූල්‍ය ඉතිරියක් සහ තමන් සතු වත්කමක් ගොඩනගා දීමේ අරමුණින් බැංකු ගිණුම් විවෘත කර සෑම මසකම රුපියල් 5,000 බැගින් තැන්පත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය
එමෙන්ම, වයස අවුරුදු 18 සම්පූර්ණ කර සමාජගත වන දරුවන්ට අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා නිවසක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර ඇති බව ඔහු පැවසීය.
අනාරක්ෂිත නිවාසවල ජීවත්වන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, පසුගිය වසරේ සුරක්ෂිත නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදුන් බවත්, එම මුදල ප්‍රමාණවත් නොවන බවට ලැබුණු අදහස් සැලකිල්ලට ගනිමින් මේ වසරේ එම ආධාරය රුපියල් මිලියන 2ක් දක්වා වැඩි කළ බවත් සඳහන් කළේය.
එම මුදලද ප්‍රමාණවත් නොවන්නේ නම් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට පමණක් කළ හැකි කාර්යයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සමාජයද ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බව පැවසීය.
දරුවෙකුට හෝ හානියක් සිදු නොවන පරිදි ජාතික වශයෙන් දරුවන් රැකබලා ගැනීමේ වගකීම භාරගත යුතු බවත්, එම වගකීම ඉටු කිරීම සඳහා රජය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කැපවී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.