පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක - ඩීසල් අර්බුදය උග්‍ර අතට

Report

ඩීසල් අලෙවියෙන් පාඩු සිදුවන බව පවසමින් මෙරට ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගම් ඩීසල් නිකුත් කිරීම සීමා කර ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්ධන මිල සංශෝධනය කිරීම, සහනාධාරයක් ලබාදීම හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ රජය සලකා බලමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ඉන්ධන මිල සහ යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල අතර සැලකිය යුතු වෙනසක් පවතින බැවින්, තවදුරටත් මිල වැඩි කළහොත් එය පාරිභෝගිකයන්ට දරාගත හැකිද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය.

ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි

ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි

ඉන්ධන මිල මාසය අවසානයේ සමාලෝචනය කරන බවත්, එහිදී මිල වැඩි කිරීම හෝ සහනාධාර ලබාදීම ඇතුළු විකල්ප සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ඩීසල් සම්බන්ධයෙන් පෞද්ගලික ඉන්ධන සමාගම්වල පිරිවැය ඉහළ යාම හේතුවෙන් පාඩු සිදුවන බවට ඔවුන් පෙන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. පෙට්‍රල් සම්බන්ධයෙන් එවැනි ගැටලුවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, ඉන්ධන මිල ගණන් වැඩි කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති ලිපියට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත්, පෞද්ගලික ඉන්ධන සමාගම් තුනකට අයත් ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට සූදානම් වන බවටද වාර්තා වේ.

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අදාළ සමාගම් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම පියවර ගැනීමට සූදානම් බව ඔවුන් දැනුම් දී ඇතැයි සඳහන් වේ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ, අදාළ පෞද්ගලික ඉන්ධන සමාගම්වල සියලුම අලෙවි නියෝජිතයන් ඊයේ (17) කොළඹට රැස්වී සාමූහිකව මෙම තීරණය ගත් බවයි.

ගොඩබෑමේ පිරිවැයට අනුරූපව ඉන්ධන මිල සංශෝධනය කරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඉල්ලීම් කර ඇති නමුත්, ඔවුන් ඉල්ලා සිටින මට්ටමට මිල වැඩි කිරීමට මෙතෙක් එකඟතාව පළකර නොමැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මීට පෙර සඳහන් කර තිබිණි.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

මේ අතර, එම ඉල්ලීම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නොමැති පසුබිමක, ලංකා අයිඕසී සමාගමට අයත් පිරවුම්හල් 275ක, සිනොපෙක් සමාගමට අයත් පිරවුම්හල් 150ක සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් පිරවුම්හල් 100ක ඩීසල් බෙදාහැරීම සතියකට වැඩි කාලයක සිට සීමා වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසති.

මෙම සමාගම් තුන මගින් ඉන්ධන නිකුත් කිරීම සියයට 50ක පමණ ප්‍රමාණයකින් අඩුවී ඇති බවද ඔවුහු සඳහන් කරති.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

සමාගම්වල පිරිවැයට අනුරූපව ඉන්ධන මිල තීරණය කිරීමට ඉහළ සහ පහළ මිල සීමාවක් ලබාදිය හැකිද යන්න පිළිබඳවද රජය සලකා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?