ඇල්ල අනතුරේ ජීවිත බේරූවන්ට නාමල් රාජපක්ෂගෙන් ගෞරවය

Report

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරෙන් ජීවිත බේරාගැනීමට දායක වූ සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෘදයාංගම ගෞරවය පිරිනමන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම අනතුරින් තංගල්ල මහ නගර සභාවේ ලේකම් ටී. ඩබ්ලිව්.කේ. රූපසේන ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වූ බවත්, මහජනතාව කම්පනයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

එම අවස්ථාවේ ජීවිත බේරාගැනීමට ඇල්ල හා ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව, පොලිස්, ත්‍රිවිධ හමුදා, වෛද්‍ය කණ්ඩායම්, සහ ගිනි නිවීමේ ඒකක එක්ව කටයුතු කළ බවත්, ඔවුන්ගේ උත්තරීතර මනුෂ්‍යත්වයට තමා ස්තුතිවන්ත වන බවත් රාජපක්ෂ පැවසීය.

මියගිය සියලු දෙනාට නිර්වාණ සුවයත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

බැකෝ සමන් එක්ක ඩීල් ගහපු පොහොට්ටු මන්ත්‍රීගේ පටි රෝල් වෙයි, බඩුත් එක්කම මාට්ටු

බැකෝ සමන් එක්ක ඩීල් ගහපු පොහොට්ටු මන්ත්‍රීගේ පටි රෝල් වෙයි, බඩුත් එක්කම මාට්ටු

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව