බැකෝ සමන් එක්ක ඩීල් ගහපු පොහොට්ටු මන්ත්‍රීගේ පටි රෝල් වෙයි, බඩුත් එක්කම මාට්ටු

Report

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක තොගයක් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය අද (05) සොයාගෙන ඇත. 

බැකෝ සමන් නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොගය හමුවූ අතර, ඔහු හෙළි කළේ කෙහෙල්බද්දර පද්මේ මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවයි.

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් හෙළිදරව්වක් - අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000ක්

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් හෙළිදරව්වක් - අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000ක්

පොලිසියට අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රී සම්පත් මනම්පේරි සහ ඔහුගේ සහෝදරයා වන පියල් මනම්පේරි මෙම ද්‍රව්‍ය සඟවා තබා ඇත. පද්මේ විසින් නුවරඑළියේ නිවසක් කුලියට ගෙන, පාකිස්තානුවන් දෙදෙනෙකු ගෙන්වා අයිස් නිෂ්පාදනයට සැලසුම් කළ බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

බැකෝ සමන්ගේ තොරතුරු මත පොලිසිය මිද්දෙණියේ විමර්ශන සිදුකළ අතර, පද්මේ පාකිස්තානුවකු මාර්ගයෙන් කන්ටේනර් දෙකකින් රසායනික ද්‍රව්‍ය ගෙන්වූ බව හෙළි විය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අදාළ ඉඩමේ වළදමා තිබූ මෙම තොගය සොයාගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම සමත් විය.

පොලිසිය පවසන පරිදි, මෙම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අයිස් කිලෝග්‍රෑම් 200ක් නිෂ්පාදනය කළ හැකි අතර, එයින් රුපියල් බිලියන 2ක ආදායමක් ලැබීමට හැකියාව තිබිණි. සම්පත් සහ පියල් මනම්පේරි ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව