අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 04, 2025 12:30 AM GMT
Shehan

Shehan

Report

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඔහු හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ සමයේ නියමිත චක්‍රලේඛවලට පටහැනිව සිය පුත්‍රයා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කරගත් බවට මෙම පැමිණිල්ලෙන් චෝදනා කර ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර නිශ්ශංක නමැති පුද්ගලයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, රංග දිසානායක මහතා හෝමාගම ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී පුත්තලමට ස්ථාන මාරුවක් ලැබුණු අවස්ථාවේදී එවකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාර්ගයෙන් සිය පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගත් බවත්, එම කාර්යය සිදුකර දුන්නේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් බවත් යූටියුබ් වීඩියෝ සහ ෆේස්බුක් සටහන් කිහිපයක් උපුටා දක්වමින් පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

ඒ අනුව, අදාළ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සහ රංග දිසානායක මහතා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ පැවැත්වූ සමීප සබඳතා පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස පැමිණිල්ලකරු ඉල්ලා ඇත.

 මෙම පැමිණිල්ල භාරගන්නා බව අල්ලස් කොමිසම විසින් පැමිණිලිකරුට දැනුම් දී ඇති අතර, පැමිණිල්ල භාරගැනීම මගින් පමණක් විමර්ශනයක් සිදුකිරීම සහතික නොකරන බවත්, පැමිණිල්ල සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කොමිෂන් සභාව විසින් ගන්නා පසුව පැමිණිලිකරුට දැනුම් දෙන බවත් අල්ලස් කොමිසම පවසා ඇත.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න


GalleryGallery