ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් තමන් බලවත් කම්පනයට හා ගැඹුරු කනගාටුවට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකදී ඔහු මෙසේ සඳහන් කළේය;
“තංගල්ල ප්‍රදේශයේ සිට ගමනක් ගොස් ආපසු එමින් සිටියදී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තංගල්ල නගර සභාවේ ලේකම් ඩී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකු මිය ගොස්, බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මුළු රටම ශෝකයට පත් කළ මෙම අනතුර, මගේ උපන් ගම වන තංගල්ලේ සැමට ඉතා ශෝකජනක බව මා දනිමි.
අතිශය භයානක මොහොතක වහා ක්‍රියාත්මක වී, ලණු ආධාරයෙන් කඳු බෑවුමෙන් බැස ජීවිත බේරා ගැනීමට කටයුතු කළ සියලු දෙනාට මගේ ස්තූතිය.
යුධ හමුදා, ගුවන් හමුදා, පොලිස්, ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම්, තරුණයින් ඇතුළු සියලුම ප්‍රදේශවාසීන්ට මගේ ගැඹුරු කෘතඥතාව පිරිනමමි.
මෙම අවස්ථාවේදී, බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
මෙම ඛේදජනක අනතුරින් ජීවිත අහිමි වූ සැමට මගේ ගැඹුරු ශෝකය. තංගල්ල නාගරික සේවකයින්ගේ පවුල්වලටත්, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පීඩාවට පත් සියලු දෙනාටත් මගේ හදපිරි ශෝකය පළ කරමි.”