ඇල්ලේ පෙරළුණු බස් එක ගැන ආන්දෝලනාත්මක කතාවක් එළියට, මෙච්චර ජීවිත බිලි දුන්නේ දැන දැනමද එතකොට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී පුද්ගලයන් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වීමට හේතු වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) මඟින් ලියාපදිංචිය අවසන් කළ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
අඳාළ බස් රථය පසුගිය 2023 වසරේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පොදු ප්‍රවාහනය සඳහා වූ ලියාපදිංචියෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වන්නේ සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවලට NTC හි ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අනිවාර්ය බවයි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අනතුරට පත් බස් රථයේ හිමිකරු 2023 වන විට වෙනත් බස් රථයකට මෙම බස් රථයේ ලියාපදිංචි කර ඇති බවයි.
අඳාළ බස් රථය පොදු ප්‍රවාහනයට භාවිත නොකරන ලද අතර, එය සාමාන්‍යයෙන් නිවසේ භාවිතයට වෙනස්කම් කර තිබූ වාහනයක් වශයෙන් ද හඳුනාගෙන ඇති බව පවසයි.
ඒ නිසා මෙම බස් රථය නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලයක් තිබී නැති බව සඳහන්.
එසේම මෙම වාහනයට තිබූ එකම නියාමන ක්‍රියාවලිය වූයේ වසරකට වරක් රියදුරු බලපත්‍රය අලුත් කිරීම වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීම පමණක් බවද එම ක්‍රියාවලියේදී වාහනයේ බලපත්‍රය පමණක් අලුත් කිරීම සිදු වන අතර, එය නිසි ලෙස නියාමනය නොවීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
