බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිනී ඇන්ජෙලා රේනර් පිටු දෙකක් ලිපියක් දීලා ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරිය වශයෙන් කටයුතු කළ ඇන්ජෙලා රේනර් තම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නැගෙනහිර සසෙක්ස් හී මිලදී ගත් මහල් නිවාසයකට ප්‍රමාණවත් මුද්දර ගාස්තු ගෙවීමට අපොහොසත් වීම නිසා මෙසේ ඇන්ජෙලා තම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නිවාස ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි.
ඇය තම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව තමන් දැරූ කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායකත්ව ධුරයෙන් ද ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
මේ අතර පිටු දෙකක් පුරාවට තම ඉල්ලා අස්වීමේ ලිපිය සටහන් කරමින් ඇය කියා ඇත්තේ මෙහි සම්පූර්ණ වගකීම ඇය භාර ගන්නා බවත් මෙම කාරණය සම්බන්ධව ඇගේ පවුලේ සාමාජිකයින් කෙරෙහි ඇති අවධානයේ බලපෑම නිසා තමන් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
කෙසේ වෙතත් ඇගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් මඟින් තම කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඩෙවිඩ් ලැමි පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇති බව සඳහන්.
තවද ඔහුව නියෝජ්‍ය අගමැති ධුරයට අමතරව අධිකරණ ලේකම් වශයෙන්ද පත්කර තිබෙනවා.
නව කැබිනට් සංශෝධනයෙන් අනතුරව යෙවෙට් කූපර් විදේශ ලේකම් වශයෙන්ද පත්කර ඇති අතර ස්වදේශ කටයුතු ලේකම් ධුරයට ෂබානා මහමුද් පත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
