අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරු 35 දෙනෙක්

Sri Lanka Police Sri Lanka Latest Headlines Priyantha Weerasooriya Sinhala news
By Kaushi Sep 05, 2025 02:53 PM GMT
Kaushi

Kaushi

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු ආකාරයට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකු සහ නිලධාරිනියන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කොට ඇත.

ඒ අනුව මෙම පත්වීම් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන ලෙස සිදුකර තිබෙනවා.

එසේම තවත් නිලධාරීන් තිදෙනෙක් පිළිබඳ පවතින විමර්ශන නිසා ඔවුන් පොරොත්තු ලේඛනයේ තැබීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියේ දැක්වේ.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරු සඳහා පත් වූ නිලධාරීන් පහත පරිදි වේ.

ජී.එන්. ද සොයිසා - සුබසාධ දිසාව , ආර්.එච්.එස්. මාසිංහ - මහනුවර හා මාතලේ දිසාව , ජ්‍යෙ.පො.අ. ඩබ්. ඒ.ඩබ්.සී. ප්‍රේමසිරි - මාතර හා හම්බන්තොට දිසාව , කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන - මීගමුව කොට්ඨාසය , එස්.ජී.ජේ.ආර්. ගුණසේකර - නීති කොට්ඨාසය , ඩබ්.පී.ජේ. සේනාධීර - බස්නාහිර පළාත (රථ වාහන) දිසාව , එස්.ඩී. විජේසේකර - වව්නියාව හා මන්නාරම දිසාව , ජේ.ඒ.කේ. ජයසිංහ - නීති දිසාව , ඕ. හේවාවිතාරණ - මත්ද්‍රව්‍ය දිසාව , ඒ. අයි. හපුගොඩ - රථ වාහන හා මාර්ග ආරක්‍ෂක දිසාව , ඩී. එම්. එම්. ඒ. බී. මහගිරිල්ල - රත්නපුරය දිසාව , එම්.ආර්.එම්. සෙනරත් - ප්‍රවාහන හා සංදේශ දිසාව , ඩබ්. ජේ. එන්. සේනාරත්න - ජාතික පොලිස් අභ්‍යාස ආයතනය , යු.කේ. මාරඹගේ - රාජ්‍ය බුද්ධි සේවාව , ටී. ජී. එන්.ඩබ්.ඩී. තල්දුව - මොණරාගල දිසාව , ඊ. එම්.ජී.ජේ. සේරම් - ගාල්ල දිසාව , එල්.ඒ.යු. සරත් කුමාර - කුරුණෑගල දිසාව ,

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ජේ.ඒ. චන්ද්‍රසේන - කිලි නොච්චිය හා මුලතිව් දිසාව , ඩී.ජී.එස්. ද සිල්වා - විශේෂ කාර්ය බලකාය , ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් - මාණ්ඩලික නි.පො.ප. (පොලිස් මුලස්ථානය) , ඩබ්. වී. ගිනිගේ - නිකවැරටිය කොට්ඨාසය , එම්. යු. එම්. දිසානායක - ත්‍රිකුණාමලය දිසාව , ඒ.එස්.පී.සී. වෙදමුල්ල - අම්පාර දිසාව , ඩබ්. එස්. පී. ද සිල්වා - නුවරඑළිය දිසාව , එම්.ඩී.පී. දයාරත්න - මුල්‍ය අපරාධ විමර්ශන දිසාව , ඩබ්. ඒ.ජේ. විශාන්ත - අගමැති ආරක්ෂක දිසාව , එච්. සී. ඒ. පුෂ්ප කුමාර - බඳවා ගැනීම් හා පුහුණු දිසාව , බී. ටී. සුගතපාල - අනුරාධපුර හා පොලොන්නරුව දිසාව , පී. අම්පාවිල - 266/18,කිඩ්විලා, හෙට්ටිකන්ද පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ. (ගනේමුල්ල පොලිස් වසම ) , ඒ.ජි.ඩී. වීරසේකර - විශේෂ ආරක්ෂක දිසාව , කේ.ඒ.ජේ. කොඩිතුවක්කු - සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය.

මේ හැර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ද පත් කොට ඇති බව වාර්තා වේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න