මාත් එක්ක ගිය වෛද්‍යවරු උඩ හිටියා මං පල්ලෙහාට ගියේ, තුවාලකරුවෝ බේරපු දොස්තර කිව්ව සංවේදී කතාව

Accident Latest Headlines Doctors Patient Sinhala news
By Kaushi Sep 05, 2025 02:25 PM GMT
Kaushi

Kaushi

Report

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර නිසා තුවාල ලබා රෝහල් ගත කළ අයගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත් කිසිඳු අයෙකුට ජීවිත අවදානමක් නැති බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනූව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටහ් සඳහන් කළේ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වූ සියලු දෙනාට තමන් සිදු කළ කැපකිරීම නිසා ජිවීත බේරා ගැනීමට හැකි වූ බව සිතා සතුටු විය හැකි බවයි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මේ අතර ඔහු මෙහිදී හමුදාවෙන් සහ ඇල්ල ප්‍රදේශවාසීන් ලබා දුන් සහයෝහය පිළිබඳව තම කෘතඥතාවය පළ කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ,

''සියලුම රෝගීන්ගේ ජීවිත අවදානම මේ වනවිට පහව ගිහින් තියෙන්නේ. මම කිව්වා වගේම හදිසි ශල්‍යකර්ම සියල්ල නිම කරලා දැන් රෝගීන් ඒගොල්ලොන්ගේ අදාළ වාට්ටුවල ඉන්නවා. කුඩා ළමයින්ගේ තත්ත්වය යහපත්. ඒගොල්ලන්ට ජීවිත අවදානමක් නැහැ. ICUවල ඉන්නවා ලෙඩ්ඩු දෙන්නෙක්. ඒ දෙන්නටත් ලොකු ජීවිත අවධානමක් තියෙන දෙන්නෙක් නෙමෙයි. පවතින වාතාවරණය යහපත්. හැමෝම මහන්සි වුණා. හැමෝටම සතුටු වෙන්න පුළුවන් තමන් හින්දා ජීවිත මෙච්චර ප්‍රමාණයක් බේරුණා කියන එක'' '' අපි ඒ වෙලාවේ අඩුම තුවාල ප්‍රමාණයක් සිදුවෙන ආකාරයට තමයි අපි ක්‍රියාත්මක වුණේ. ඒකට හමුදාවෙන් විශේෂ සහයෝගයක් හම්බ වුණා. ඇත්තටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එතන තියෙන්නේ අපේ අරමුණ වෙන්නේ ජීවිතයක් බේරා ගැනීම. ඉතින් ඒ වෙලාවේ සමහරවිට මේ අපේ ජීවිතය උගසට තියන්න වෙන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ තත්ත්වය ඊට වැඩිය බොහොම බරපතළයි.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

මොකද අඩුම ගානේ පැය හයක්, හතක් යනකල් මගෙන් කිසිම තොරතුරක් උඩට ගියේ නෑ. කිසි කෙනෙක් දන්නෑ. මාත් එක්ක ගිය වෛද්‍යවරු උඩ හිටියා. මං පල්ලෙහාට ගියේ. ඉතින් අවදානම කියන එක ඕනම දෙයක්. අපි කහ ඉරක් පැන්නත් අවදානමක් තියෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක අවධානමක් ගන්න යම්කිසි ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඔබගේ තියෙනවා නම් යම්කිසි අරමුණක් මේ දේ කරන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්ම කාරණය වන්නේ. මම හිතන්නේ මේක මම විතරක් නෙමෙයි එතන තව හමුදාවේ සෙබළු රණවිරුවෝ සෑහෙන පිරිසක් හිටියා. ඊට අමතරව ප්‍රදේශයේ තරුණයින් ඇත්තටම ඉතාමත් ආඩම්බරයි ඇල්ල ප්‍රදේශයේ තරුණයෝ ගැන. ඒගොල්ලෝ ප්‍රදේශවාසීන් අපිට වතුර පවා පල්ලෙහාට එව්වා.''

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න