බකිංහැම් මාලිගයෙන් විශේෂ නිවේදනයක්, කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වෙයි
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව 92 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත.
ඒ අනුව ඇය ඊයේ (04) දින රාත්‍රියේ කෙන්සිංටන් මාලිගයේදී පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවත්, ඒ නිසා බකිංහැම් මාලිගය ඇතුළු රාජකීය නිල නිවාසවල ධජ අඩකුඹු කර ඇති බවත් මාලිගයෙන් නිවේදනය කර තිබුණා.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
එමෙන්ම වේල්සයේ කුමරු සහ කුමරිය ඇය පවුලේ බොහෝ දෙනෙකුට නැතිවම බැරි සාමාජිකාවක් වූ බවත්, අන් අයට උදව් කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ බවත්, සංගීතයට තිබූ ඇගේ ආදරය ඔස්සේ බොහෝ කටයුතුවලට සහයෝගය දුන් බවත් ප්‍රකාශ කර සිටියා.
මේ අතර දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සොහොයුරෙකු වන කෙන්ට් ආදිපාද එඩ්වඩ් කුමරුගේ භාර්යාව වන කැතරින් ආර්යාව, රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වන බව සඳහන්.
