ඇල්ල අනතුරින් මියගියවරුන්ගේ අවමංගල්‍ය තංගල්ල නගර සභාවේ අනුග්‍රහයෙන්

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ මාරක බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ මහතා පවසයි.

නගරාධිපතිවරයා සඳහන් කළේ, මියගියවරුන්ගේ දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ බදුල්ල රෝහලේදී තවමත් සිදුවෙමින් පවතින බවයි. ඒ අනුව, අද (05) රාත්‍රියේදී දේහයන් ආදායම් නිවෙස්වලට භාරදීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

ඇල්ල මාරක අනතුරින් මිය ගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි

ඇල්ල මාරක අනතුරින් මිය ගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි

අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද රාත්‍රියේ මියගියවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම, සියලු අවමංගල්‍ය කටයුතු එකම දිනයක පැවැත්වීමේ හැකියාව සහ එම දිනයේදී දේහයන් පැය 2ක පමණ කාලයකට තංගල්ල නගර සභාව වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව ද පවුල්වල සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය පිරිස් මහින්දගේ ගම්වැසියන්.. මහින්ද කම්පාවෙන්

  

ඇල්ලේ මාරක බස් අනතුර ගැන විපක්ෂ නායක සජිත් කණගාටුවෙන්

ඇල්ලේ මාරක බස් අනතුර ගැන විපක්ෂ නායක සජිත් කණගාටුවෙන්