නේපාලයේ ලියාපදිංචි නොවූ සමාජ මාධ්‍ය ජාල අක්‍රිය කෙරේ
By Shehan
නේපාල රජයේ නව රෙගුලාසිවලට අනුකූලව ලියාපදිංචි නොවූ සමාජ මාධ්‍ය ජාල ඊයේ (04) සිට අක්‍රිය කිරීමට නේපාල සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එහෙත්, ලියාපදිංචි වීමට සැප්තැම්බර් 13 දක්වා අවස්ථාව ලබාදී ඇත.
අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුං පවසන්නේ, රජයේ ඉල්ලීමට සමාජ මාධ්‍ය ජාල යහපත්ව ප්‍රතිචාර නොදැක්වූ හෙතුවෙන් මෙම පියවර ගත් බවයි. TikTok සහ Viber ඇතුළු ජාල 5ක් පමණක් ලියාපදිංචි වී ඇති අතර, Meta (Facebook, Instagram, WhatsApp), Alphabet (YouTube), X, Reddit, සහ LinkedIn ආයතනවලට ලබන බදාදා වන විට ලියාපදිංචි වන ලෙස රජය ඉල්ලා ඇත.
නේපාල ඩිජිටල් අයිතිවාසිකම් සභාපති භෝලා නාත් ධුන්ගනා පවසන්නේ, සමාජ මාධ්‍ය නියාමනය වැදගත් වුවත්, එය බලාත්මක කිරීමට නීතිමය යටිතල පහසුකම් අවශ්‍ය බවත්, මෙම හදිසි වසාදැමීම මහජන අයිතිවාසිකම්වලට බලපෑමක් බවත්ය.