ඇල්ල බස් රථ අනතුරට රජයේ සංවේගය
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ පවුල්වලට ජනාධිපතිවරයා ඇතුළු රජයේ ගැඹුරු සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා 2025 ජාතික මීලාද්-උන්-නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය.
මෙම උත්සවය අද (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී පැවැත්විණි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබූ අතර, මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය හා දායකත්වය එයට හිමිවීම විශේෂත්වයක් විය.
උත්සවයේදී 2025 ජාතික මීලාද්-උන්-නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. එසේම, “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය” නමින් සම්පාදිත ග්‍රන්ථයක් ද ජනාධිපතිවරයාට පිළිගැන්විණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ජාතින්ගේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ චිත්‍ර තරගයක ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක්විය.
ජනාධිපතිවරයාට මෙම උත්සවයට සහභාගි වීම වෙනුවෙන් සමරු තිළිණයක් සහ හම්බන්තොට මුස්ලිම් ජනතාව විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.
අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සවය අමතමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව ඉහළ නැංවීමට සාකච්ඡා පවත්වන බවත්, ඒ හරහා ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනාවේ මුදල් වියදම අඩු කර ගැනීමටත්, වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටත් හැකිවනු ඇති බවත්ය.
අධිකරණ සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර් මහතා අදහස් දක්වමින්, නබිතුමාගේ මඟපෙන්වීම සාමය, එකමුතුකම, සහ ගරු කිරීම බවත්, වත්මන් රජයේ අපේක්ෂාව සියලු ජනතාව අතර සාමය හා සංහිඳියාව ගොඩනැඟුණු ලස්සන රටක් බවත් පෙන්වා දුන්නේය. ඔහු එම එකමුතුභාවය මෙම උත්සවයේ සාර්ථකත්වයට දායක වූ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් තහවුරු වන බවද සඳහන් කළේය.
මෙම උත්සවයට මහා සංඝරත්නය, ආගමික නායකයන්, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිහාල් ගලප්පත්ති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස්, රාජ්‍ය නිලධාරීන්, විදේශ තානාපතිවරු, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.