මුළු ලංකාවටම දරුණු අනතුරක් අත ළඟ - හිතනවටත් වඩා ඉක්මනින් එල්නිනෝ තත්ත්වය එනවා විශේෂ අනාවරණයක්
එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩි ලෙස වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව මුලින් බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය නොවැම්බර් මාසය වන විට එහි උපරිම උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බවයි.
එමෙන්ම ඉදිරියට එළඹෙන ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන් ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් සහිත කාලසීමාවක් විය හැකි බව ද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.