චීන ජාතික නළුවෙකු, ගායකයෙකු සහ සංගීත වීඩියෝ අධ්‍යක්ෂකවරයෙකු වන Yu Menglong නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව හදිසියේම ගොඩනැගිල්ලකින් වැටීමෙන් ඔහු ඊයේ (11) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙය හදිසි අනතුරක් වන බවත් සිද්ධිය පසුපස වෙනත් කිසිදු සැක කටයුතු යමක් නොමැති බවත් ඔහුගේ කළමණාකාරවරුන් පවසයි.
මේ අතර චීනයේ බීජිං හි චාඕයැං දිස්ත්‍රික්කයේ මහල් නිවාසයකින් වැටීමෙන් අනතුරුව මෙසේ එටර්නල් ලව් තරුව ඇලන් “යූ” මෙන්ග්ලොං සැප්තැම්බර් 11 වන දින මිය ගිය බවට ඔහුගේ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මිය යන විට ඔහුට වයස අවුරුදු 37 ක් බව වාර්තා වේ. ඒ අනුව චීන බ්ලොග් අඩවියක් වන වෙයිබෝ හි Asia One හි සඳහන් වූයේ,
"අපගේ ආදරණීය මෙන්ග්ලොං සැප්තැම්බර් 11 වන දින මිය ගිය බව දරාගත නොහැකි ශෝකයෙන් අපි නිවේදනය කරමු, පොලිසිය කිසිදු අපරාධයක් බැහැර කර ඇත. ඔහු සාමයෙන් සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර ඔහුගේ ආදරණීයයන් ශක්තිමත්ව සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙන්.
Yu Menglong ද ලෙජන්ඩ් ඔෆ් ද වයිට් ස්නේක් , ලව් ගේම් ඉන් ඊස්ටර්න් ෆැමිලි සහ ගෝ ප්‍රින්සස් ගෝ ඇතුළු රංගන සම්මාන කිහිපයක් හිමි කර ගෙන ඇත.





