දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - මෙම ප්‍රදේශ වලට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං එන බවට නිවේදනයක්
උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව, දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව තිබේ .
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවලට තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ලංකාවම සලිත කරමින් අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක්.. ලබන මාසයේදී වෙන්න යන විනාසය ගැන කල් තියා අනතුරු ඇඟවීමක්
ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව නිවේදනයේ සදහන් වී තිබේ
මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
