ටෙන්ඩරයක් වෙනුවෙන් විශාල අල්ලසක් අරන් - ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සහ ඊට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුළුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය සම්බන්ධයෙන් සිදුකර ඇති බවයි.
එමෙන්ම පැමිණිලිකරුට අදාළ ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වන ලෙස, සැකකරු විසින් තම පියාගේ සහ මාමාගේ නමින් ලබාගෙන තිබූ ටෙන්ඩර් අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මුලින් රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ඉල්ලා තිබෙන අතර, අනතුරුව එය රුපියල් ලක්ෂ 25 දක්වාත්, අවසානයේ රුපියල් ලක්ෂ 20 දක්වාත් අඩු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ඒ අනුව, රුපියල් ලක්ෂ 20ක අල්ලස ලබාගැනීම සහ ඊට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත ගම්පොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අරුණගිරි නාර්ද ලෝගේන්ද්‍රන් සහ ලෝගෙන්ද්‍රන් සිවරාජි යන දෙදෙනා ඊයේ (27) දින රාත්‍රී ගම්පොළ තැපැල් කාර්යාලය අසල රථගාලේදීයි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා ඇත.