මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇති බව සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ප්‍රාදේශික 46ක් නියෝජනය කරමින් සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන ඇති බව ද අදාළ පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.