හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

Report

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන වයස අවුරදු 28ක හිමිනමක් මත්පැන් පානය කර, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන යද්දී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීමේ පුවතක් වාර්තා වේ.

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති අගමැති ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති අගමැති ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

හිරණ පොලිසිය විසින් අදාල සිදුවීමෙන් පසුව හිමිනම සහ බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර සිට කිඳෙල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය සහ තේක්කවත්ත දෙස සිට පානදුර දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය හා ගැටී ඇත.

පොලිස් වාර්තා පවසන්නේ මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ හිමිනමක් වන අතර ඔහු බීමතින් සිට ඇති බව පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

 

ඉන් අනතුරුව හිමිනම වලංගු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ බීමත්ව අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ලංගම බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගත් හිරණ පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි