පෙරහැරට රැගෙන යමින් සිටි වනඅලියා ටිපර් රථයක ගැටෙයි - මීටර් 50ක් ඇදී ගොස් අලියාට බරපතළ තුවාල

Report

පෙරහැර මංගල්‍යයක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටි වනඅලියෙකු මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ දී මාර්ගය අසල සිටියදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා ඇත.

 කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මෙම වනඅලියා රැගෙන යමින් සිට ඇත්තේ, මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහාය.

අලියා රැගෙන යමින් තිබූ ලොරි රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලියා එම වාහනයෙන් බස්සවා පාරෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනයවූ වූ වැලි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත.

ටිපර් රථයේ ගැටුණු වනඅලියා මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් තිබේ මේ වනවිට අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.