"ජනතාවගේ සෞඛ්‍යයට වඩා ඉහළ කිසිදු ලාභයක් නැහැ" නලින්ද ජයතිස්ස කියයි - මද්‍යසාර පාලනයට රජයෙන් නව පියවරක්

Report

ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය ශක්තිමත් කිරීම සඳහා සකස් කළ මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) SAFER තාක්ෂණික උපදේශන ගොනුව නිල වශයෙන් එළිදක්වා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ WHO ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ඊයේ (27) කොළඹ NH Collection හෝටලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත.

දුන්හිඳ දියඇල්ල නැරඹීමට පැමිණෙන ජනතාවට නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙයි

දුන්හිඳ දියඇල්ල නැරඹීමට පැමිණෙන ජනතාවට නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙයි

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ සෞඛ්‍යයට වඩා ඉහළ කිසිදු ආර්ථික ලාභයක් නොමැති බවයි. මද්‍යසාර භාවිතයෙන් ඇතිවන හානි අවම කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී “ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර පාලනයේ සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම: ආයෝජනය සඳහා වන සාධක” යන ආයෝජන වාර්තාව ද ජනගත කෙරිණි.

WHO විසින් හඳුන්වා දී ඇති SAFER උපාය මාර්ගය මගින් මද්‍යසාර භාවිතය හේතුවෙන් සිදුවන රෝග, මරණ සහ සමාජීය හානි අවම කිරීම සඳහා රටවල් වෙත ක්‍රියාමාර්ග 5ක් යෝජනා කරයි.

මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, WHO, Movendi International, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ බෝනොවන රෝග පිළිබඳ අන්තර්-නියෝජිත කාර්ය සාධක බලකාය සමඟ එක්ව සංවිධානය කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ නව ප්‍රවේශය නීති ක්‍රියාත්මක කිරීම පමණක් නොව, වැළැක්වීම, මුල් අවධියේ හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීම මත පදනම් වන බවයි.  

හිටපු අධිකරණ ඇමති හෝ ඔහුගේ පුත්‍රයා ගැන ප්‍රකාශයක් දුන්නොත් ඉතා සතුටුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමයට චතුරංග කියයි

හිටපු අධිකරණ ඇමති හෝ ඔහුගේ පුත්‍රයා ගැන ප්‍රකාශයක් දුන්නොත් ඉතා සතුටුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමයට චතුරංග කියයි