ධුර කාලය අවසන් වී යන චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන තානාපති චී ෂෙන්හොං අතර හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා අතර විශේෂ සුහද හමුවක් අද (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කළේය.

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබේ.

එමෙන්ම චීන තානාපතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම යළි අවධාරණය කළේය.

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්