බන්ධනාගාරවල ඉඩ නෑ- ප්‍රමාද වන රස පරීක්ෂක වාර්තා ගැන අධිකරණ අමාත්‍යාංශයේ අවධානයට
ප්‍රමාද වී ඇති රස පරික්ෂක වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ නිසි වේලාවට රස පරික්ෂක වාර්තා නොලැබීමෙන් රැඳවියන්ට ලබා ඇප දීම ප්‍රමාද වන බවයි.
ඒ වගේම මේ හේතුවෙන් බන්ධනාගාරවල තදබදයක්ද හටගෙන ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාර තදබදයට හේතුවී ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගන්නා ලෙසටද දැනුම් දී ඇති බවයි.
මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් තිස් නම දහසක් පමණ රඳවා සිටිනු ලබයි