චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

Report

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමග එය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළේය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසින් ඊයේ දින (12) පිටත් වූ අතර තවත් ජනාධිපතිවරුන් කීපදෙනෙක්ම සිය නිල නිවෙස් වලින් නිවෙස් බලා පිටත් විය.

ඒ අනුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මයටත් හිමියෝ නිල නිවසෙන් පිටත් වීමට සිදුවී තිබේ. නමුත් ඇය එයින් පිටත් වීමට සති තුනක පමණ කාලයක් ඉල්ලා ඇති අතර එයට හේතුව ඇය අසනීප තත්වයෙන් පසුවන නිසා බව සඳහන්වේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඉකුත්දා ඇය වැටීමට ලක්වී ඇති අතර එහිදී උකුල් අස්ථිය බිඳී සැත්කමක් කළ බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඇයට ඇවිදීමටත් අපහසු තත්වයක් තිබුණත් ඇය සිය නිවසේ බඩුබාහිරාදිය වෙනත් නිවසකට රැගෙන යාම සඳහා අස්පස් කරමින් සිටින බව සඳහන්වෙයි.

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

ඒ අනුව සති තුනක පමණ කාලෙකින් නිල නිවස ඇය භාර දීමට සූදානම් බව රජයට ප්‍රකාශ කර තිබේ. ඒ වෙනුවෙන් ඇය අවසර ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

රතන හිමි ඇප මත මුදා හරියි

රතන හිමි ඇප මත මුදා හරියි