ඉරානය සමඟ මේ වන විට ඉතා මිත්‍රශීලී මට්ටමේ සාකච්ඡා සිදු වෙනවා - ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානය සමඟ මේ වන විට ඉතා මිත්‍රශීලී මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව අමෙරිකාව සහ ඉරානය අතර පැවැති සටන් දින තුනක කාලයක සිට තාවකාලිකව නැවතී ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත්, දැනට පැවැත්වෙන නවතම සාකච්ඡා අසාර්ථක වුවහොත් තමන් මීට පෙර සිදුකරමින් සිටි හමුදාමය ක්‍රියාමාර්ග වෙත නැවත අවතීර්ණ වන බවට ද ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
පාර්ශ්වකරුවන් විසින් සාකච්ඡා සඳහා තවත් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම හේතුවෙන් සිකුරාදා දින ඉරානයට එරෙහිව එල්ල කිරීමට තිබූ අමෙරිකානු ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
අමෙරිකානු ප්‍රහාර අත්හිටුවීමත් සමඟ කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක වෙත ඉරානය විසින් දියත් කළ ප්‍රහාර ද මේ වන විට නවත්වා ඇත.
කෙසේවෙතත්, අමෙරිකාව සමඟ මෙලෙස සෘජු සාකච්ඡා සිදුවෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉරානයේ ටෙහෙරාන් පාලනය විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.