තව පැයකින් මොනවා වෙයිද? රටම කතා වූ දෙවිනුවර කාවඩි නැටුමේ උණුසුම මැද පෙරහැර පටන් ගන්නත් කළින් නැට්ටුවෝ කිහිපදෙනෙකු අත්අඩංගුවට
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අද (28) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මෙම පෙරහරේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500ක පමණ පිරිසක් යොදවා ඇති අතර ඊට සහභාගීවන සියලු කාවඩි කණ්ඩායම් ක්ෂණික පරීක්ෂාවන්ට ලක්කිරීමට ද නියමිතව ඇත.
ඉකුත් දා දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරට කාවඩි කණ්ඩායම් සහභාගි කරවීම සම්බන්ධයෙන් පාතාල කණ්ඩායම් නායකයන් දෙදෙනකු අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය දේවාලය අසළ නිවසකට වෙඩිතැබීමක් දක්වා දුරදිග ගොස් තිබූ අතර මතුවූ වාතාවරණය තුළ දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව අවලංගු කිරීමට පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් වෙත නිර්දේශයක්ද සිදු කර තිබුණා.
ලංකාවම සලිත කරමින් අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක්.. ලබන මාසයේදී වෙන්න යන විනාසය ගැන කල් තියා අනතුරු ඇඟවීමක්
එහෙත් ඒ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (27) දින පස්වරුවේ මාතර දිසාපති කාර්යාලයේ පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අමාත්‍යංශය ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.
ඒ අනුව පසුගිය වසරවල කාවඩි නර්තනයන්ට ඉදිරිපත් වූ සියලු කණ්ඩායම්වලට මෙවර අවසර ලබාදීමට එහිදී තීරණය කර තිබුණා. පෙරහැර අද (28) දින පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව ඇත.