මේ පලාතේ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - මේ සේවාව අද සිට ක්‍රියාත්මක වේ
මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් ‘සිසු සැරිය’ බස්රථ සේවාව අද (28) ආරම්භ කරන ලදී. මෙම විශේෂ වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මන්නාරම දිස්ත්‍රික්කයට පළමු වරට හඳුන්වා දෙන මෙම සේවාව යටතේ, මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා පළමු බස්රථය යොදවා ඇති අතර, එය ප්‍රදේශයේ දරුවන්ට දීර්ඝ කාලයක් පුරා පැවැති ප්‍රවාහන ගැටලුවලට සාර්ථක විසඳුමක් වනු ඇත.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
2005 වසරේදී ආරම්භ කරන ලද ‘සිසු සැරිය’ ජාතික වැඩසටහන යටතේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට මෙතෙක් මෙලෙස බස්රථ සේවා යොදවා නොතිබූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෙසේවෙතත්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත බස්රථ 20ක් යොදවමින් එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. වැඩසටහන ආරම්භ වී වසර 20ක් ගතවුවද මන්නාරමේ දරුවන්ට මෙවැනි පහසුකමක් නොලැබීම ගැටලුවක් වූ බවත්, එය නිවැරදි කිරීමට වත්මන් රජය ප්‍රමුඛත්වය දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම සේවාව යටතේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් අය කෙරෙන අතර, ඉතිරි මුදල රජය විසින් දැරීම මඟින් අධ්‍යාපනික ගමන් සඳහා විශාල ආර්ථික සහනයක් සැලසේ.
ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් සහ උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එස්. විමලේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වූ මෙම නව සේවාව මඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ දරුවන්ගේ දෛනික පාසල් ගමනට නව ආරක්ෂාවක් සහ සුවපහසුවක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.