ව්‍යාජ හඬපටවලට රැවටෙන්න එපා - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ නිවේදනය

Benjamin Netanyahu Israel Iran Iran-Israel War Ayatollah Ali Khamenei
By Shehan Jun 20, 2025 04:16 AM GMT
Shehan

Shehan

Report

මැද පෙරදිග කලාපයේ ඉරාන-ඊශ්‍රායල් යුද ගැටුම් හත්වන දිනටත් උත්සන්න වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ (19) උදෑසන 7:15 සිට 7:30 දක්වා විනාඩි 15ක කාලය තුළ ඉරානය විසින් ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශවලට බැලස්ටික් මිසයිල 24ක් එල්ල කර ඇති බවයි.

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

මෙම ප්‍රහාරවලින් එක් මිසයිලයක් කෙන්යා, ඔස්ට්‍රියා සහ ලිතුවේනියා තානාපති කාර්යාල පිහිටි ගොඩනැගිල්ලකට ආසන්නව පුපුරා ගොස් ඇති බව තානාපතිවරයා පවසයි. මේ සම්බන්ධයෙන් කෙන්යා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, ජාත්‍යන්තර නීති අනුව විදේශ දූත මණ්ඩල ආරක්ෂා කිරීමට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතු බව කෙන්යාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් කොරිර් සිං'ඕයි ප්‍රකාශ කර ඇති බව තානාපත­iවරයා සඳහන් කළේය.

තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, ඊශ්‍රායලයේ පිහිටි විශාලතම රෝහලක් වන බියර්ෂෙබාහි සොරොකා රෝහලට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බවයි. මෙම ප්‍රහාරයෙන් රෝහලේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර, බොහෝ දරුවන් ඇතුළු රෝගීන් තුවාල ලබා ඇත. මෙම රෝහලේ ගාසා තීරයේ සහ පලස්තීන රෝගීන් ද ප්‍රතිකාර ලබන අතර, ගාසා යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට රෝගීන් මාස 20ක පමණ කාලයක් රෝහල ආසන්නයේ නවාතැන් ගෙන සිටි බව ඔහු සඳහන් කළේය.

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති නමුත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බව තානාපතිවරයා පැවසීය.

පවතින යුදමය තත්ත්වය හා නිවාඩු කාලය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු තානාපති කාර්යාලයට පැමිණ ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු නිවාඩු ගත කිරීමෙන් පසු ඊශ්‍රායලයට ආපසු පැමිණීමට බලාපොරොත්තු වන අතර, ඉතිරි තිදෙනා එසේ ආපසු ඒමට බලාපොරොත්තුවක් නොමැති බව තානාපතිවරයා සඳහන් කළේය.

මෙම පිරිසට ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ ටබා දේශසීමාව ඔස්සේ කයිරෝ ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ලියකියවිලි ලබාදී ඇති අතර, මේ සම්බන්ධයෙන් ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. එම තොරතුරු ඊජිප්තුවේ අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් ඇති බවත්, ඔවුන් මෙම ගමන් සම්බන්ධීකරණය කරනු ඇති බවත් තානාපතිවරයා පවසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හා ඉදිරි තත්ත්වයන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ හිතවතුන්ට යවා ඇති බව තානාපතිවරයා සඳහන් කළේය. ඊශ්‍රායලයේ ආරක්‍ෂක අංශ, PIBA (Population and Immigration Authority), සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රහාර ගැනත්, ඒවායින් ආරක්‍ෂා වීමේ ක්‍රම ගැනත් නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබාදෙන බවත්, මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් හා විශ්වාස කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපතිවරයා ඉල්ලා සිටී.

අද (20) ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතින බව තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට හෝ රාජකාරිමය කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයට පැමිණිය හැකි බවත්, පවතින තත්ත්වය යටතේ සහාය අවශ්‍ය අයට තානාපති කාර්යාලය විසින් ලබාදී ඇති දුරකථන අංක ඔස්සේ උපදෙස් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

ReeCha