මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමේදී පාරිභෝගිකයින්ට ගතවන කාලය අවම කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසුවේ, මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලුම කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි.
වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි
මහජනතාවට අවශ්‍ය සේවාවන් හැකි කෙටිම කාලයක් තුළ ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
කොමසාරිස් ජනරාල්වරයාට අනුව, උදෑසන 7:00 හෝ 8:00 ට පමණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින්ට එහි පැය ගණනාවක් ගත කිරීමට සිදුවන අතර, ඇතැමුන්ට පස්වරු 2:00 වන තුරු එහි රැඳී සිටීමට සිදුවන අවස්ථා ද වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, පාරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමටත්, අවශ්‍ය සේවාවන් උපරිම වශයෙන් පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ ලබා දීම සහතික කිරීමටත් පියවර ගනිමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.