වැඩේ හරි දෙහිවල වෙඩි තිබ්බ යතුරුපැදිකරු අත්අඩංගුවට
පොලිසිය විසින් පසුගිය ජුලි මස 18 වැනිදා දෙහිවල දුම්රියපොල අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අපරාධය පිලිබදව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඊයේ (03) දින සවස දෙහිවල පොලිස් වසමේ බස් නැවතුම්පොල අසලදී එම අපරාධය සිදු කිරීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ මෙම සැකකරුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 34ක් වන සීවලි පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.