දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා
තරගයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ඇගේ පන්තියේ මිතුරන් ඇයගෙන් ඈත් වීම නිසා ශිෂ්‍යාවක් නේවාසිකාගාරයේ දෙවන මහලෙන් පැනීමේ සිද්ධියක් වාර්තා වේ.
සිද්ධිය වැඩිදුරටත් වාර්තා වන්නේ මුලතිව්හි පදිංචි 14 හැවිරිදි ශිෂ්‍යාව පසුගිය වසරක කාලය තුළ උඩුවිල් කාන්තා විද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන ඉගෙනුම් කටයුතුවල නියැලී සිටින බවයි.
මෙම තත්ත්වය තුළ ඇය ක්‍රීඩාවකට සහභාගී වී පළමු ස්ථානය දිනාගෙන ඇත.
මේ හේතුවෙන් ඇගේ පන්තියේ මිතුරන් ඇයගෙන් ඈත් වී තිබේ. මේ හේතුවෙන් කලකිරුණු ශිෂ්‍යාව නේවාසිකාගාරයේ දෙවන මහලෙන් පැන ඇති අතර මේ වනවිට ඇගේ කකුලට බරපතල තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
චුන්නාකම් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අවස්ථාවේදී ශිෂ්‍යාව සිය ප්‍රකාශයේ මෙලෙස ලබාදුන් අතර බරපතල ලෙස තුවාල ලැබූ සිසුවිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.