විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

Report

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී යෝජනා කළ විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) අවසන් තීරණය මෙම මස (ඔක්තෝබර්) තුන්වැනි සතියේදී නිවේදනය කරන බවත්, එය මස 15 වැනිදාට වැඩි අවස්ථාවක් ඇති බවත් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු 'ගගන' එකට පැවසීය.

මෙම ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන මතය විමසීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වන අතර, එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මස 8 වැනිදා පැවැත්වීමෙන් පසුව අවසන් තීරණය ගැනීමට නියමිත බව එම නිලධාරියා සඳහන් කළේය. මෙම යෝජනාව සඳහා මහජන මත ප්‍රකාශ කිරීම් ලිඛිතව මස 7 වැනිදාට පෙර ඉදිරිපත් කළ හැකි අතර, එය email, WhatsApp, Facebook හෝ තැපෑල මගින් සිදුකළ හැකිය. 

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව කරුණු 8 ක් යටතේ මේ වන විට අධ්‍යනය කරමින් සිටින අතර එහිදී විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම සහ ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම යන කරුණු පිළිබඳව අවදානය යොමුකර ඇති බවත් එහිදී ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට සහ පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු වී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

 

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.

මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය යැයි ඇස්තමේන්තු කර තිබේ.   

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක් - ටිකක් එකක් ගත්තොත් ගොඩම තමා