උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට
උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථානයට ඉහළින්ම සමත් වූ මුලතිව් සිසුවෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
මුලතිව්, කර්සිලමඩු හි පරමේෂ්වරන් පනුසන් නම් සිසුවෙකු පසුගිය මාස කිහිපය තුළ වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය. වකුගඩු බද්ධ කිරීමේ ප්‍රතිකාර අසාර්ථක වීමෙන් පසු ඊයේ (2025.09.29) රාත්‍රියේ ඔහුගේ මරණය මුලතිව්හි මහත් ශෝකයට හේතු වී තිබේ.
අදාළ සිසුවා 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉංජිනේරු සහ තාක්ෂණ අංශයෙන් දිස්ත්‍රික් මට්ටමින් ඉහළින්ම සමත් වී විශ්ව විද්‍යාලයකට තේරී පත් විය. පවුලේ එකම දරුවා වූ මෙම සිසුවාගේ වියෝව මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව මහත් ශෝකයට පත් කර ඇති බව සැලකිය යුතු කරුණකි.
