යෝධ කැරිබියානුවන්වරු අභිබවා ගිය දසුන්ගේ වේගවත්ම ශතකය [HILIGHT VIDEO]
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියට්ස් කණ්ඩායම නියෝජනය කරන ශානක, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 39කින් සිය ශතකය සම්පූර්ණ කර ඇත.
පසුව පන්දු 43කදී නොදැවී ලකුණු 121ක් රැස් කළ ශානකගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 12ක් ඇතුළත් වී තිබේ. එහිදී ඔහුගේ ප්‍රහාරක වේගය 281.40ක් ලෙස සටහන් විය. විශේෂත්වය වන්නේ ශානක පන්දුවාර 10 වැනි පන්දුවාරයේදී පිතිකරණයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී පැට්‍රියට්ස් කණ්ඩායමට තවත් පන්දු 64ක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබීමයි.
එම අවස්ථාවේ සිට වේගවත් පිතිහරඹයක නිරත වූ ශානක පන්දු 39කින් ලකුණු 100 සම්පූර්ණ කර තිබේ. ඒ අනුව CPL ඉතිහාසයේ පන්දු 40කට අඩු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට ඔහු පත්ව ඇත.
CPL ඉතිහාසයේ වේගවත්ම ශතක
පන්දු 39 – දසුන් ශානක
පන්දු 40 – ඇන්ඩ්‍රේ රසල්
පන්දු 40 – ටිම් සීෆර්ට්
පන්දු 40 – ෂිම්රොන් හෙට්මයර්
පන්දු 41 – ෂායි හෝප් මීට පෙර CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස පැවතියේ පන්දු 40කදී වාර්තා කළ ශතකයයි. එම වාර්තාව ඇන්ඩ්‍රේ රසල්, ටිම් සීෆර්ට් සහ ෂිම්රොන් හෙට්මයර් විසින් සමානව හිමිකරගෙන තිබිණි.