නින්දට පෙර මේ විස්මිත පානය බීවොත් අමාරුම දේ ලේසියෙන්ම නවත්ත ගන්න පුලුවන්

Report

බොහෝ දෙනෙකු නින්දෙන් ගොරවීම හාස්‍යයට කරුණක් සේ සැලකුවද, එය පිටුපස බරපතළ සෞඛ්‍ය ගැටලු රැසක් සැඟවී තිබිය හැක.

සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය නින්දෙන් ගොරවන අතර, වයසගත වීමත් සමඟ මෙම ප්‍රතිශතය තවත් ඉහළ යයි.

නින්දෙන් ගොරවීමට බලපාන ප්‍රධාන හේතු ලෙස,

නාසය අවහිර වීම සහ නාස් ආවාරය ඇදවී තිබීම.

ඇඩිනොයිඩ් ග්‍රන්ථිය හෝ සෙම්ගෙඩි  විශාල වීම.

මෘදු තල්ල, රස දිව හෝ දිව විශාල වීම.

තරබාරු ශරීරය සහ කෙටි බෙල්ලක් පිහිටීම.

නිදි පෙති සහ මත්පැන් අධික ලෙස භාවිතය. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම (Hypothyroidism).

අවදානම් සහගත තත්ත්වය

නින්දේදී හුස්ම ගැනීම වරින් වර තත්පර 10 කට වඩා වැඩි කාලයක් නැවතීම සහ පැය 7 ක නින්දකදී එවැනි තත්ත්වයන් 30 වතාවකට වඩා සිදු වේ නම් එය ඉතා භයානකයි.

එවිට රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීම නිසා මොළයට, හෘදයට සහ පෙනහළුවලට දැඩි බලපෑම් එල්ල වන අතර, අධික රුධිර පීඩනය, හෘදයාබාධ හෝ නින්දේදීම මරණය පවා සිදුවිය හැක.

සන්ධ්‍යා කාලයේදී අප ගන්නා ඇතැම් ආහාර මඟින් සිරුරේ සෙම ගතිය වැඩි කර ශ්වසන මාර්ගය අවහිර කිරීමට ඉඩ ඇත.

රාත්‍රියට සීමා කළ යුතු ආහාර

කිරි ආශ්‍රිත නිෂ්පාදන,

චොකලට්, බැදපු සහ සකස් කළ ආහාර,

අධික ලෙස පිටි සහ සීනි යෙදූ කෑම මෙන්ම මත්පැන්.

ශ්වසන මාර්ගයේ සෙම ගතිය පාලනය කර නාස් කුහරවල පීඩනය අවම කරගැනීම සඳහා පහත ස්වාභාවික පානය සහාය කරගත හැක.

ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ස්වාභාවික පානය අවශ්‍ය ද්‍රව්‍ය:

ලෙමන් හෝ දෙහි ගෙඩි 1/4 ක යුෂ

මධ්‍යම ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක්

ඇපල් ගෙඩි 2 කැරට් ගෙඩි 2

සකස් කරන ආකාරය

සියල්ලේ පොතු ඉවත් කර පිරිසිදු කරගන්න. කැරට් සිහින්ව ග්‍රේට් කර (පෙරන් ගා) සෝදාගන්න. කැරට්, ඇපල් සහ ඉඟුරු කුඩාවට කපා බ්ලෙන්ඩරයකට දමා, එයට දෙහි යුෂ ද එකතු කර හොඳින් අඹරාගන්න.

බීමට හැකි වන පරිදි සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින ජලය ස්වල්පයක් එකතු කර තුනී කරගන්න. භාවිතය: නින්දට යාමට පැය කිහිපයකට පෙර මෙම නැවුම් යුෂ පානය කරන්න.

මෙහි ඇති විටමින් C සහ ඉඟුරු සතු ගුණාංග සයිනස් පීඩනය අවම කිරීමට සහ ශ්වසන මාර්ගයේ සුවපහසුවට උපකාරී වේ.

වෛද්‍ය උපදෙස් නින්දෙන් ගොරවීම සහ වරින් වර හුස්ම හිරවී අවදි වීම වැනි ලක්ෂණ පවතී නම්, ස්වාභාවික පිළියම් මත පමණක් යැපෙන්නේ නැතිව, වහාම කන, නාසය, උගුර (ENT) සායනයක් වෙත හෝ සුව නින්ද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවී නිසි වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ගැනීම අනිවාර්ය වේ.

'ඩ්‍රොප් ෂිපින්' Drop shipping කිව්වට මේ ගැන දැනන් හිටියද? ඕඩරේ දාන්න කළින් කියවන්න

'ඩ්‍රොප් ෂිපින්' Drop shipping කිව්වට මේ ගැන දැනන් හිටියද? ඕඩරේ දාන්න කළින් කියවන්න